Scratch මුල සිට සරලව ( part - 01 ) | Scratch Programming






Scratch කියන්නේ මොකක්ද ?

Scratch කියන්නේ සරළවම ගත හොත් programming වලට අලුත් අයට විශේෂයෙන්ම අවුරුදු 6 ත් - 16 ත් අතර වයස් කණ්ඩයේ පසුවන අයට සරළව ම programming ඉගෙන ගන්න තියෙන software එකක්.
මෙම software එක ඇමෙරිකාවේ Massachusetts තාක්ෂණ ආයතනය විසින් නිර්මාණය කර ඇති අතර විවිධ Block click and drag කර ගැනීම මගින් program එක ගොඩනැගීමට පහසුකම් සලසා ඇති භාවිතය අතින් ඉතාමත් පහසු software එකක් ලෙස හැදින්විය හැකිය.

Scratch user interface හී දක්නට ඇති මූලික කොටස්
UI
User Interface

menu tabs :-  Program එක save කර ගැනීමට  , open කර ගැනීමට හා අලුතින් program එකක් ලබා ගැනීමට ( new ) මෙහි ඇති option භාවිතා කරයි.

Block menu :- විවිධ category 8 කින් සමන්විත මෙම menu එකේ ඇති block භාවිතා කර program එක ගොඩනැගීමට හැකියාව ඇත.

Scripting area :- blocks click and drag කර program එක ගොඩනැගීම මෙම කොටසේ සිදු කරනු ලබයි.

Sprite :- ගොඩනැගන ලද program එකට අදාලව output එක Display කිරීම සදහා sprite නැමැති ග්‍රාපිකය භාවිතා කරයි.

Stage :- program එකට අදාල සියලු ක්‍රියාකාරකවල output එක මෙම කොටස තුල නිරූපණය කරනු ලබයි.

Start button :- Program එක run කර ගැනීමට මෙය භාවිතා කරනු ලබයි.

Stop button :- run කරනු ලැබූ program එක නැවැත්වීමට මෙය භාවිතා කරනු ලබයි.

Scratch භාවිතයෙන් පලමු program එක ගොඩ නැගීම [ Hello World ]

දැන් බලමු කොහොමද Scratch භාවිතා කර කොහොමද program එකක් ගොඩනගන්නේ කියලා.
  1. Block menu එකේ control button එක Click කරන්න.
  2. " When 🏴 Clicked " block එක Scripting area එකට click and drag කර ගන්න.
  3. Block menu එකේ Looks button එක Click කරන්න 
  4. " Say | Hello! | Block එක click and drag කර කලින් ඇතුලත් කර ගත් Block එක්කෙ පහල කෙලවරින් ඈදා ගන්න.
  5. Hello ! යන වචනය ඉවත්කර Hello world ලෙස type කර ගන්න.( ඔබට අවශ්‍ය text එකක් ඇතුල් කරගත හැකිය.)
  6. Screen එකේ දකුණු පස ඉහල කෙළවරෙහි ඇති Start button එක Click කරන්න.
  7. එවිට ඔබ ඇතුලත් කරනු ලැබූ text එක ප්‍රතිදානය වනු ඇත.
Step 01

Step 02

Step 03

Step 04

Step 05

Step 06

Step 06


මන් හිතනවා මේ කරපු කෙටි හැදින්වීම තේරෙන්න ඇති කියලා. ඉදිරියටත් මෙම පාඩම් මාලාව දිග හැරෙනු ලැබේ.පාඩම් මාලාව ප්‍රායෝගිකව සිදුකරන ආකාරය පහලින් ඇති YouTube link එකේ ඇති Video එක මගින් උගත හැකිය.


YouTube Link : Bee Soft Academy

අනෙක් පොස්ට් සදහා :-  All posts
ස්තූතියි ....!














Comments

Post a Comment

Popular posts from this blog

තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය | 10 වසර -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | Logic gates O\L paper

මෙහෙයුම් පද්ධති | 10 වසර -තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | Operating System O\L paper